දෙවන ලෝක යුද්ධයට හේතු සැපයීමේ සියොන්වාදී යුදෙව්වන් ගේ කාර්යභාරය
ලිස්බන් භූමිකම්පාව හා අදේව වාදයේ උපත
වසර 1755 පෘතුගාලයේ ලිස්බන් නුවර සිදුවූ මහා භූමිකම්පාව අද්වවාදය (Atheism) බිහිවීමේ මූල බීජය ලෙස බොහෝ ඉතිහාසඥයින් විසින් විශ්වාස කරනු ලබයි.
කාලය: වසර 1755, ස්ථානය: පෘතුගාලයේ අග නගරය වන, හා ප්‍රදේශයේ පිහිටි විශාලතම නගරය වූ ලිස්බන්. එය අත්ලාන්තික් සාගරයේ විශාලතම වරාය නගරය වූ අතර ජගත් වෙළඳාමේ වැදගත් කාර්යයභාරයක් ඉටුකළ ස්ථානය මෙන්ම, සැදැහැවත් ක්‍රිස්තියානි භක්තිකයින් ගේ දැහැමි නගරය විය (pious city of devout Christians).
සියළු ශාන්තුවරයන්ගේ දිනය වූ නොවැම්බර් පළමු දා නගරයේ බොහෝ මිනිසුන් පල්ලිවල හා ධර්මශාලාවන් (synagogues) හී රැස් වූ දිනයක් විය. හදිසියේ ඇතිවූ රිච්ටර් මාපාංක 8.0ක පමණ විශාලත්වයෙන් යුක්තවූවා යැයි සැලකිය හැකි භූමිකම්පා තරංගයන්ට නගරය යටත්වන විට සැදැහැවතුන් පුජාභූමි වල නමස්කාර කරමින් හා යාඤා කරමින් සිටියෝය. මිනිත්තු 3ත් 6ත් අතර කාලයක් පැවති කම්පන මගින් නගර මධ්‍යයේ දිගින් මීටර 5ක් පමණ වන පැලීම් සිදුවූ බව කාලීන වාර්ථා(Contemporary reports) පෙන්වාදෙයි.
නගරයේ උසම ව්‍යුහයන් වූ හා එනිසාම අතිශය මාරාන්තික වූ පල්ලි සියල්ලම පාහේ ඒ වනවිට ඇතුලත පුදපූජාවන් හී නිරතව සිටියවුන් ගේ හිසමත පතිත කරමින් ලිස්බන් නගරයේ 85%ක් පමණ වූ ගොඩනැගිලි බිමට සමතලා විය. මිනිසුන්ගේ බිහිසුනු අඳෝනාවන්ගෙන් නගරය පිරීයන්නට ඇතැයි සැළකිය හැකි එය වාර්ථා වී ඇති දරුණුම භූමිකම්පාවක් ලෙස හැඳින්විය හැක.

මිනිත්තු 40කට පමණ පසු පැමිණි සුනාමිය තත්වය තවත් දරැණු කරමින් තව තවත් ඝාතන සිදුකරමින් නගරය ගිලගත්තේය. රැළි තුනකින් පළමුවැන්න ලෙස පැමිණි මීටර 6ක් (අඩි 20ක්) පමණ වු තරංගය වෙරළ ආසන්න කලාපයට කඩාවැදින. විනාශය එයින් නොනැවතිනි. අනතුරුව ඇතිවූ ගින්න දින පහක් පුරා නගරය දවා දැමුවේය. භූමිකම්පාවෙන් බේරුනු අය බොහෝමයක් ජලයෙන් හා ගින්නෙන් විනාශ විය. නිවැරැදිව දැක්විය හැකි වාර්ථා සොයාගත නොහැකි නමුත් මෙම සවභාවික විපත් මගින් මිනිසුන් 10,000ත් 50,000ත් අතර පුමාණයක් මියයන්නට ඇතැයි සැළකිය හැක.
දිවි ගලවාගත් අය වහා නගරයෙන් පලාගිය අතර එයට ලිස්බන් හී සිරකරුවන් ද අයත් විය. දිවි ගලවාගත් අය ඉතා කෙටිකලකින් ම "එය එසේ සිදුවූයේ ඇයි" දැයි යන ප්‍රශ්නය නගන්නට විය. හේතුව දෙවියන් වහන්සේ ද? (අදහන්නන් හට) දෙවියන් ප්‍රේමවන්ත නම් මෙය සිදුවිය හැකිද? එය දිව්‍යමය විනිශ්චය ද?.
ආගමික බලධාරීන් භූමිකම්පාව ජනතාවගේ පව් වලට එරෙහි දෙවියන් වහන්සේගේ උදහස බව ප්‍රකාශ කළහ. ඉතා භක්තිමත් ක්‍රිස්තියානි නගරය හා පල්ලි විනාශවද්දී "රක්තාලෝක දිස්ත්‍රික්කය" (red-light district - ගනිකා මඩම් සහිත කලාපය මෙසේ හඳුන්වයි) ට ඉතා සුළු අලාභහානි සිදුව ඇති බවද පෙන්වා දුන් බොහෝ දාර්ශනිකයින් මෙම සංකල්පනාව ප්‍රථික්ෂේප කලේය.

වෝල්ටෙයාර් ඇතුළු බොහෝ ශ්‍රේෂ්ඨ චින්තකයන් මෙම සිද්දීය මගින් දෙවියෙක් නැත ය යන අදහස කුළුගන්වන්නට උනන්දු වූ අතර ප්‍රධාන වශයෙන් ක්‍රිස්තියානීන් විසින් යෝජනා කරන සියළු බලයන් සහිත හා ත්‍යාගශීලී (all-powerful and benevolent) දෙවියන් වහන්සේ මෙසේ සිදුවීමට ඉඩ දීම හෝ එය සිදුකරීම ඉතා දරුණු කාරණයක් වන බැවිනි.
එතැන් සිට මේ දක්වා මෙම ප්‍රමාණයේ (හෝ වැඩි) සවභාවික විපත් සිදුවී ඇති නමුත්, ඉතා නිශ්චිත භාවයකින් යුක්තව ජනතාව පිරී ඉතිරී ගිය පල්ලි විනාශ කරමින් ශුද්ධ දිනයක සිදුවීම දේව සංකල්පයට මරු පහරක් විය.

Subscribe to:
Posts (Atom)